ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ පොසොන් මස 16 දිනට යෙදී තිබූ පොසොන් උත්සවය නිමිති කරගෙන 2019.06.13 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියළුම නිලධාරීන් හා ප්‍රාදේශයේ ප්රභූන්ගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පිංකම් හා 2019.06.14 දින දානමය පිංකම් සිදු කරන ලදී.
එහිදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන ලද පිරිත් දේශනය සඳහා කෑගල්ල ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මැතිතුමාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.