පසුගිය දා ඇති වු අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් රඹුක්කන හා ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පදිංචි පෙර පාසල් යන වයසේ පසුවන දරුවන් 40 දෙනෙකුට අවශ්‍ය අධ්‍යාපන අධාර කට්ටල පිරිනැමීම අද (11) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.


එම ආධාර කට්ටල පරිත්‍යාග කිරිම සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන ලද්දේ HUMEDICA LANKA සංවිධානය විසින් වන අතර එම කර්තව්‍ය සම්බන්ධීකරණය කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක නිශාන්ත ප්‍රේමතිලක මහතා විසිනි.
මිට සමඟාමිව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද තෝරා ගත් දරුවන් සඳහා උපකරණ කට්ටල ලබා දිමට කටයුතු කෙරිණි.


අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, HUMEDICA LANKA සංවිධානය ව්‍යාපෘති සම්බන්ධිකාරක ජානක තොටවත්ත, ආපදා සහන සේවා නිලධාරී සුදන්ත අමරසේන යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට එක් වූහ.