වසර 155 ක් පැරණි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් නව්‍යකරණයට

 

71 වන ජාතික නිදහස් දින සැමරුම් ප්‍රධාන උත්සවයට සමගාමීව පැවැත්වෙන කෑගලු දිස්ත්‍රික් නිදහස් උත්සවය 2019 පෙබරවාරි 04 දින පෙ.ව. 8.30 ට කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේ දී අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරමි.



සිය අධ්‍යාපන අවශ්‍යතා නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි කෑගල්ලේ අපේම දරුවන්ගේ අත අත නෑරීමේ අරමුණින් පිහිටුවන ලද දිස්ත්‍රික් ළමා අධ්‍යාපන සංවර්ධන අරමුදල සිවිමත් කරන කෑගලු දිස්ත්‍රික් "ලෙලි සතිය" අදින් ආරම්භ කෙරුණා. සෙමෙන් නමුත් අද දිනය පුරා දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාන වල පොල් ලෙලි, පොල් කටු, පත්තර, යකඩ, ප්ලාස්ටික් එකතු කෙරුණේ මේ කාර්යයට අත හිත දීමට. මේ අබලි ද්‍රව්‍ය විකුණා ලබන ආදයම දිස්ත්‍රික්කයේ ළමා අධ්‍යාපන සංවර්ධන අරමුදලට බැරකරනවා. එහි ප්‍රතිලාභ පොත් පත්, ඇඳුම් පැළඳුම්, සපත්තු , බෑග් නැති අපේම දරු පිරිසකට හිමිකරනවා.

 


අධ්‍යාපනය සඳහා විවිධ බාධක ඇති දිස්ත්‍රික්කයේ දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් දිස්ත්‍රික් ළමා සංවර්ධන අරමුදල පිහිටුවීම පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම අරමුදල පිහිටුවීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්.ජී පණ්ඩිතරත්න මහතා ඇතුළු කිහිප දෙනෙක් සිය මූල්‍යමය දායකත්වය සැපයීය.